භාගත කිරීම්
Sinhala Sinhala
si Sinhalaen Englishta Tamil
Kaduruwela Nagara Maha Vidyalaya

නගර මහා විද්‍යාලය

පොලොන්නරුව කලාපය

  • Register
  • Login
Kaduruwela Nagara Maha Vidyalaya

නගර මහා විද්‍යාලය

පොලොන්නරුව කලාපය

  • මුල් පිටුව
  • අපේ පාසල ගැන
    • ඉතිහාසය සහ සම්ප්‍රදායන්
      • ඉතිහාසය
      • නිර්මාතෘවරු
      • ආදි විදුහල්පතිවරු
    • අනන්‍යතාවය
      • පාසලේ පැතිකඩ
      • දැක්ම සහ මෙහෙවර
      • පාසල් ගීතය
      • ලාංඡනය හා ආදර්ශ පාඨය
      • පාසල් කොඩිය
      • පාසලේ නිල වර්ණ
      • පාසලේ නිල ඇඳුම
      • පාසලේ නිල නිවාස
      • පාසල් සිතියම
    • නීති හා රෙගුලාසි
    • පාසලේ නිළ නිවාස
  • අධ්‍යයන
    • විෂය මාලාව
      • ප්‍රාථමික අංශය
      • ද්විතියික අංශය
    • පරිපාලනය
      • පරිපාලන ව්‍යුහය
      • පරිපාලන කමිටුව
    • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • විදුහල්පති
      • නියෝජ්‍ය විදුහල්පති
      • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
      • ශිෂ්‍ය නායක මණ්ඩලය
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ගැලරිය
  • අප හා සම්බන්ධ වන්න

අපේ පාසල ගැන

Toggle navigation

ඉතිහාසය සහ සම්ප්‍රදායන්

  • ඉතිහාසය
  • නිර්මාතෘවරු
  • ආදි විදුහල්පතිවරු
  1. Home
  2. අපේ පාසල ගැන
  3. ඉතිහාසය සහ සම්ප්‍රදායන්
  4. ඉතිහාසය

ඉතිහාසය

මහාමාන්‍ය ඩී.එස්.සේනානායක ශ්‍රිමතාණන්ගේ ගොවිජනපද ව්‍යාපාරය ආරම්භයත් සමගම මෙම විදුහල 1954 වර්ෂයේ ආරම්භ කර ඇති අතර පොලොන්නරුව දිසුත්‍රික්කයේ ප්‍රධාන නගරය වන කදුරුවෙල නගරය තුළ ම පිහිටා ඇත. සිසුන් 11 දෙනෙකුගෙන් ආරම්භ වී ඇති මෙම විදුහලේ ආරම්ක ගුරු සංඛ්‍යාව 01කි . එක් පන්තියක් පැවති මෙම විදුහලේ 1958 දී ද්තියික අංශය ආරම්භ කර ඇති අතර 1978 දී මහා විද්‍යාලයක් බවට පත් කර ඇත.

කදුරුවෙල නගර මහා විද්‍යාලය වසර 60 ක පමණ ආයු කාලයක් ගෙවා ඇති අතර ප්‍රදේශයේ අනෙක් පාසල් අතර අධ්‍යාපනයේ පසුබෑමක් පෙන්නුම් කරම්න් ඉදිරියට කාලය ගෙවමින් පැමිණ ඇත.

දක්ෂ විදුහල්පතිවරුන්ගේ කැපවීම මත යම් යම් කාල වලදී අධ්‍යාපන හා භෞතික වශයෙන් සංවර්ධනය වූ වසර පැවති බව ඉතිහාසය සාක්ෂි දරයි. භෞතිකව පාසල දියුණු කිරීමට දැරූ උත්සහයක් මත S5 සංකල්පය ක්‍රියාත්මක කර සම්මානද ලබා ඇත. එසේ වුවද දරුවන්ගේ අධ්‍යාපනික ප්‍රතිපල ඉහළ නැවීමට අසමත් වීමෙන් මෙම පාසල ප්‍රජාවගේ සිත් දිනා ගැනීමට අසමත් වීම කැපී පෙනීම සිදුවී තිබුණි. ඒ හේතුවෙන් අවට බොහෝ දරුවන් නගරයේ වෙනත් පාසල් වෙත ඇදි යැම හේතු කොට ගෙන හා 2013 වසරේදී අධ්‍යාපන බලධාරින්ගේ නියෝග මත උසස් පෙළ පන්තිද ඉවත් කර ඇත . මේ තත්ත්වය හේතු කොට ගෙන දැනට ඈත ගම් වලින් පැමිණෙන සිසුන්ගේ හා පාසල අවට අඩු ආදායම් ලාභී ( දෛනික රැකියාවලින් ජීවත් වන) ප්‍රජාවගේ දරුවන් පැමිණෙන පාසලක් බවට පත් වී ඇත.

2015 වර්ෂයේ සිට සිදුවූ පරිපාලනමය හා ආකල්පමය වෙනස්වීම් සමගම පාසලේ අධ්‍යාපනයේ ගුණාත්මක භාවය නැංවීමට උතුරු මැද පළාත් අධ්‍යාපන අමාත්‍යතුමාගේ වැඩ පිළිවෙල සමග එක් වෙමින් ගත් උත්සහයේ ප්‍රතිපලයක් ලෙස අ.පො.ස (සා/පෙළ) සමත් ප්‍රතිශතය යම් තරමකින් ඉහළ නංවා ගැනීමටත් 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව සමත් සංඛ්‍යාව ලකුණු 70 ට වඩා ගත් සිසුන්ගේ ප්‍රතිශතය 80 % දක්වා ඉහළ නංවා ගැනීමටත් හැකි විය. මේ සදහා සවස පන්ති මෙන්ම, රාත්‍රි පන්තිද, අගෝස්තු නිවාඩු කාලය පුරාවට ඉගැන්වීම් ද සිදු කරනු ලැබීය.

2017 වන විට ශිෂ්‍ය සංඛයාව 630 දක්වා වර්ධනය වූ අතර පාසලට ඇතුලු වන ශිෂ්‍ය සංඛ්‍යාවේ වර්ධනයක් පෙන්නුම් කරයි.

වර්තමාන ගුරු මණ්ඩලය 43ක් වන අතර භෞතික හා මානව සම්පත් ප්‍රමාණවත් තරමින් ඇත . එසේම සිසුන් විෂයය සමගාමී කටයුතු වලින් ජයග්‍රහණ ලබා ගැනීමද සතුටුවිය හැකි තත්ත්වයකි

 

 

 

Kaduruwela Nagara Maha Vidyalaya

නගර මහා විද්‍යාලය

පොලොන්නරුව කලාපය

Usefull Links

  • පාසලේ පැතිකඩ
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ඇතුලත් කරගැනීම්
  • ශිෂ්‍ය කාර්යසාධනය
  • විදුහල්පති පණිවිඩය
  • සමාජ හා සංගම්

Contact us

  • :  
  • Nagara Maha Vidyalaya Kaduruwela,Polonnaruwa

: (+94)272225055

: [email protected]

Supported By

© 2026 Kaduruwela Nagara Maha Vidyalaya. All rights reserved. Design with by Webcomms Global | Help Desk