වීර විකුම් පැරකුම් නර විරුවෝ
වීර පුතුන් සැදු පුලතිසියේ
නිති බබළන තරුවකි ලක් අඹරේ
නගර මහා විදුහල් මෑණි //
ශිල්ප සතර දී ගුණ දම් වඩවා
සිසු දරු කැල සුමඟට හරවා
අවිඳු අඳුර දුරු කර නැණ එළියෙන්
ජය ටැඹ වෙත නිති යොමු කරවා
වීර විකුම් පැරකුම් නර විරුවෝ
දස දෙස ජය කිතු ගොස පතුරා
පිරිපුන් දරුවන් ලොවට බෙදා
සොබා දහම් සිරි අසිරිය ලබමින්
සැමදා සැරදේවා ///