විදුහල්පති පණිවිඩය
පො/කදුරුවෙල නගර මහා විද්‍යාලය

පොළොන්නරුව කදුරුවෙල නගර මහා විද්‍යාලය පොළොන්නරුව දිස්ත්‍රික්කයේ පොළොන්නරුව අධ්‍යාපන කලාපය නියෝජනය කරන දක්ෂතා සපිරි දරු පරපුරකින් යුක්ත කීර්තිමත් පාසලකි.
මෙතෙක් පැමිණි ගමන් මග පිළිබද විමසා බැලීමේදී විවිධ ක්ෂේත්‍ර වල නියැලෙමින් සුවිශේෂී වූ මෙහෙවරක් සිදුකරන පුරවැසියන් රැසක් රටට දායාද කරන්නට අප විදුහල් මාතාව සමත්ව ඇත.
තොරතුරු සන්නිවේදන තාක්ෂණය ප්‍රමුඛ කර ගත් සමාජයක් වර්තමානය වන විට බිහිවී ඇති අතර අධ්‍යාපන ක්‍රියාවලියද ඒ ඔස්සේ ගොඩ නැගී ඇත. ඒ අනුව අප පාසල මගින් සකස් කරන ලද මෙම වෙබ් අඩවිය පාසලේ සියලු කාර්යයන් වඩාත් පහසු කරවන ක්‍රියාවලියක් බව මම විශ්වාස කරමි. ඒ තුලින් අප පාසල හා සම්බන්ධ විවිධ පාර්ශවයන්ට අප පාසල සමග තොරතුරු හුවමාරු කර ගැනීම වඩාත් පහසු වන අතර එය වඩාත් කාර්යක්ෂමව හා ඵලදායීව සිදු කිරීමටද මෙමගින් හැකි වනු ඇත. සිසුන්ගේ අධ්‍යාපන උන්නතියටද මෙය මහගු පිටුවහලක් වනවා නොඅනුමානය. අපගේ මෙම වෙබ් අඩවිය හා සම්බන්ධ වී පාසලේ අභිවෘද්ධිය සදහා සහයෝග ලබා දෙන ලෙස අප පාසල හා සම්බන්ධ සියලු පාර්ශවයන්ට ආරාධනා කරමි.
මෙම වෙබ් අඩවිය සකස් කර ගැනීමට නන් අයුරින් සහයෝගය ලබා දුන් සෑම සියලු දෙනාටම මාගේ හෘදයාංගම ස්තූතිය පුද කරන් අතර ගෞරවණිය පුරවැසියෙකු ලෙස හෙට දින දිනන්නට සියලු දරු දැරියන්ට දිරිය ශක්තිය ලැබේවායි ප්‍රාර්ථනා කරමි.
W.B.K.මඩවල මිය
විදුහල්පති
පො/කදුරුවෙල නගර මහා විද්‍යාලය